වී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප‍්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර විද්‍යාඥයින් වී ශාකයේ පළමු සම්භවය චීනයේ යැයි විශ්වාස කළත් සමහරක් විද්‍යාඥයින් එය ඉන්දියාවේ සිදුව ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවත් මේ වන විට වී වල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වී ඇතැයි අනුමාන කෙරේ. එසේ වුව ද විවිධ වී විශේෂ ඉන්දියාවේ, චීනයේ වගාකර ඇති බැව් වාර්තාවන නිසා වී වල සම්භවය ඒ රටවල ද ඇති වුවක් බව සිතීමට ද ඉඩ තිබේ. ඔරයිසා (Oryza)ඝනයට විශේෂ 22ක් ඇතුළත් වූව ද ඒවා අතුරින් වගාකරනු ලබන්නේ විශේෂ දෙකක් පමණි
1.Oryza sativa L. (ආසියානු වී කාණ්ඩය)
2.Oryza glaberrima steud. (අපි‍්‍රකානු වී කාණ්ඩය)
Oryza sativa විශේෂය Oryza rufipogon නම් ආසියානු වල් දර්ශයෙන් ද Oryza glaberrima විශේෂය Oryza breviligulata ඒනම් අප‍්‍රිකාවටම ආවේණික වූ වල් දර්ශයෙන් ද සම්භවය වූ බවට විද්‍යාඥයන් විශ්වාස කරති. Oryza rufipogon විශේෂය බහුවාර්ෂික (perenial), වාර්ෂික (annual), අඛණ්ඩව (Continum) යන ආකාර 3 න් ද Oryza breviligulate විශේෂය බහුවාර්ෂික ආකාරයෙන් ද සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ දක්නට ඇත.