අරමුණු :-
- වැව් පද්ධති තුළ රදවා ගත හැකි ජල ධාර්තාවය ඉහළ නැංවීම සදහා රොන් මඩ ඉවත් කර පිළිසකර කිරීම.
- ජලය වගා බිම් වෙත ගෙන යාමේදී වන අපතේ යාම අවම කිරීම සදහා අමුණු ඇළ වේළි පිළිසකර කිරීම.
ප්‍රතිපාදන (රු.මි):- 2400.0 ( දෙපාර්තමේන්තු ප්‍රතිපාදන)
1500.0 (FAO)
වගකීම හා ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයන්/ආයතන:-
- කෘෂිකර්ම අමාත්‍යාංශය
- ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ක්‍රමවේදය:-
- ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් වී ඇති ප්‍රතිපාදන යොදවා ගනිමින්
- වැව් වල රොන් මඩ ඉවත් කර පිළිසකර කිරීම
- අමුණු පිළිසකර කිරීම.
- FAO මගින් ලැබී ඇති ප්‍රතිපාදන මගින්
- නියං සහනාධාර වැඩසටහනක් ලෙස වැව් ප්‍රතිසංස්කරණය සදහා සහභාගී වන ගොවීන්ට කූපන් පත් ලබා දීම ( Food for Work).මේ යටතේ වැව් 300ක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ.
අපේක්ෂිත ප්‍රතිඵල :-
- වැව් 800ක් ප්‍රතිසංස්කරණය කර ජනතාව වෙත ලබා දීම.
- අමුණු 800ක් ප්‍රතිසංස්කරණය ජනතාව වෙත ලබා දීම.