අරමුණු :-
- වගාවන්ට අවශ්‍ය ජලය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දැනට භාවිතා කල නොහැකි තත්ත්වයට පත් වී ඇති වගා ළිං පිළිසකර කිරීම.
- වර්ෂා කාලයේදී වගා ලිං ගොඩ වීම වැළැක්වීම සඳහා වගා ලිං වල බැමි ඉදි කිරීමට හා ප්‍රතිසංස්කරණයට අදාළ පියවර ගැනීම.
- ජල සම්පාදන කටයුතු සඳහා ජල පොම්ප හා ජල නල ලබා දීම.
ප්‍රතිපාදන (රු.මි):- 200.0
වගකීම හා ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයන්/ආයතන:-
- කෘෂිකර්ම අමාත්‍යාංශය
- ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ක්‍රමවේදය:-
- කෘ.ප.නි.ස. නිලධාරීන් මඟින් එක් එක් දිස්ත්‍රික්කයට අදාළ වගා ලිං අවශ්‍යතාවයන් හදුනා ගැනීම.
- ගොවි ජන සේවා මධ්‍යස්ථාන මට්ටමින් අදාළ වගා ලිං ප්‍රතිසංස්කරණයට හා බැමි ඉදිකිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
අපේක්ෂිත ප්‍රතිඵල :-
- වගා ලිං 2000ක් භාවිතයට ගත හැකි වන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම.