සෝයා බෝංචි
ඉතිහාසය හා සම්භවය
නැගෙනහිර ආසියාවට ආවේණික බෝගයක් ලෙස හැඳින්වේ.
1970 අග භාගයේ සෝයා බෝංචි වගාව පිළිබඳව විශාල උනන්දුවක් තිබුණද පසුකාලීනව එය ක්‍රමයෙන් අඩු විය. නමුත් 2003 / 2004 වසරවල සිට නැවත මේ වගාව සඳහා විශාල වෙළඳපලක් සැකසෙමින් පවතී.
සෝයා බෝංචිවලටම විශේෂිත වූ පෝෂණ ගුණය හා මිනිස් හා සත්ව ආහාර පිළියෙල කිරීම්වලදී යොදා ගතහැකි වීම වැනි ප්‍රයෝජන රාශියක් ලබාගත හැකි
එයටම විශේෂිත වූ පෝෂ්‍ය ගුණය,ප්‍රයෝජන රාශියක් ලබාගත හැකිවීම සහ වැදගත් මිනිස් හා සත්ව ආහාරයක් වීම වැනි කරුණූ අතින් සෝයා බෝංච් වලට විශේෂ ස්ථානයක් හිම්වේ. එහි 40% පමණ ප්‍රෝටීන් ද, කාබෝහයිඩ්‍රේට් 37% හා විටමින් හා ඛණිජ 7% පමණද අඩංගුය. මෙයට අමතරව එහි ඇති අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණය 20% කි.