හැඳින්වීම

ඉතිහාසය හා සම්භවය

උතුරු ඇමරිකාවේ (මෙක්සිකෝව) බඩඉරිඟු ශාකයේ සම්භවය සිදුවී ඇත. එය මෙයට වසර 5000 සිට 10,000කට පෙර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.එහෙත් එයට සම්බන්ධකම් ඇති (ඥාති) වල් දර්ශයක් ගැන වර්තමානයේ දැන ගන්නට නැත.Teosinte නමැති ශාකය සමඟ හොඳින් මිශ්‍ර වන බැවින් එම ශාකය බඩඉරිඟු ශාකයේ සම්භවයට යම්කිසි සම්බන්ධයක් ඇති බව විශ්වාස කළ හැකිය.15 වන ශත වර්ෂයේ යුරෝපීය ගවේශකයින් විසින් ඇමරිකාව තරණයකළ අවස්ථාවේ, මුලින්ම කියුබානු වැසියන් බඩඉරිඟු ආහාරයට ගන්නා බව දැක, ලෝකයේ අනෙකුත් මහද්වීප කරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.මේ අනුව මෙම බෝගය 16 – 17 ශත වර්ෂ වල ලංකාවට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.ලංකාවේ අවසාන රජවරුන් බඩඉරිඟු වගාව සඳහා රට වාසීන්ට අනුබල දුන් බවට තොරතුරු පවතියි.

වර්ගීකරණය

කුලය –Panicoideae
වර්ගය –Maydeae
ගණය –Zea

උද්භිද විද්‍යාත්මක නම –Zea mays