ශ්‍රී ලංකාව තුළ වී වගා කරන කුඹුරු ඉඩම් පිළිබද සැලකීමේදී එක් එක් භූමිය අනුව පසෙහි ඇති පෝෂක වර්ගය , ප්‍රමාණය හා පසෙහි භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ගුණාන්ගයන්හි විචල්‍යතාවයන් දැක ගත හැකිය. වී වගාව සඳහා දැනට පවතින පොහොර නිර්දේශ මීට වසර ගණනාවකට ඉහතදී ඉදිරිපත් කරන ලද්දක් වන අතර දිර්ඝ කාලීනව පස භාවිතා කිරීම නිසා පසේ පෝෂන අගය විශාල වශයෙන් වෙනස් වී ඇත. එබැවින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා ගොවීන් නිර්දේශය ඉක්මවා පොහොර භාවිතයට හුරුව ඇත. ඒ අනුව එක් එක් භූමිය සදහා සුවිශේෂි පොහොර නිර්දේශයන් ලබා දීම අත්‍යාවශ්‍ය කරුණන් වේ. එමගින් බෝග නිෂ්පාදන පිරිවැය අවම කර වැඩි ඵලදාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතරම අනවශ්‍ය ලෙස පොහොර භාවිතය සීමා වීම හේතුවෙන් පරිසරයට වන හානිය අවම කිරීමත් කෘෂි නිෂ්පාදනයන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමත් මෙම වැඩසටහන මගින් සිදු කිරීමට අපේක්ෂිතය.
ඒ අනුව සියලුම ගොවිජන බල ප්‍රදේශ ආවරණය වන පරිදි කුඹුරු ඉඩම්වල වර්තමාන පාංශූ පෝෂක තත්වය හදුනාගනිමින් නව පොහොර නිර්දේශ ලබා දීමේ වැඩසටහනක් පසු ගිය වසරේ ක්‍රියාත්මක කල අතර එය තව දුරටත් පුළුල් කරමින් මෙම වසර සදහා කෘ.ප.නි.ස වසම් මට්ටමින් කුඹුරු ඉඩම්වල පාංශූ පෝෂක තත්වය පරීක්ෂා කර කෘ.ප.නි.ස වසම් මට්ටමින් නව පොහොර නිර්දේශ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
අරමුණු :-
- කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර කොට්ඨාස මට්ටමින් කුඹුරු ඉඩම්වල පසේ සාරවත් බව නිර්ණය කිරීමෙන් අනතුරුව නව පොහොර නිර්දේශ ලබා දීම.
- කෘෂිකර්ම පරිසර පද්ධතිය පාරිසරික ගුණාත්මක භාවය ඉහළ නැංවීම හා පරිසර දූෂණය අවම කිරීම
- කෘෂිකාර්මික ප්‍රදේශයන් සඳහා සුවිශේෂි වු පරිසරිකව හිතකාමි හා ආර්ථික වශයෙන් ඵලදායී ශාක පෝශක කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම
- රසායනික පොහොර අව භාවිතය අවම කිරීමපොහොර අපනයනය අවම කිරීම
ප්‍රතිපාදන (රු.මි):- 100.00
වගකීම හා ක්‍රියාත්මක කරනු ලබන පුද්ගලයන්/ආයතන:-
- කෘෂිකර්ම අමාත්‍යාංශය
- පලාත් කෘෂිකර්ම අමාත්‍යාංශය
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
- පොහොර ලේකම් කාර්යාලය
- පසු අස්වනු තාක්ෂණ ආයතනය
ක්‍රමවේදය:-
- පාංශූ නියැදි කෘ.ප.නි.ස වසම් මට්ටමින් රැස් කර වියලා පෝෂක මට්ටම පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම
- දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන වලට අයත් පාංශූ පර්යේෂණ විද්‍යාගාර වලට යවා වාර්තා ලබා ගනු ලබයි
- කෘ.ප.නි.ස වසම් මට්ටමින් පොහොර නිර්දේශ ලබා දීම
- එම පොහොර නිර්දේශ පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කර නව නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම උපදේශක හා කෘ.ප.නි.ස මඟින් පොහොර නිර්දේශ භාවිතය සඳහා නැඹුරු කරවීම.
නිමැවුම:-
- කෘ.ප.නි.ස වසම් අනුව නව පොහොර නිර්දේශ ලබා දීම
- පොහොර අධික ලෙස යෙදීම වැළැක්වීම
- නිර්දේශිත පොහොර පමණක් භාවිතයට ගොවීන් හුරු කිරීම
- පොහොර සහනාධාර නිර්දේශිත පොහොර ප්‍රමාණය අනුව ලබා දීම