දකුණු ඇමරිකාවේ අන්දිස් කඳුවැටිය නිජ බිම කර ගත් අර්තාපල්, සොලනේසීය(Solnaceae) කුලයට අයත්, සොලනම් ටියුබරෝසම් (Solanam tuberosum) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අර්ථික සහ දේශපාලන ලෙස ප‍්‍රධාන තැනක් ගන්නා බෝගයකි. මායා හා ඉන්කා ජාතීන් විසින් ආහාර බෝගයක් ලෙස ලොවට හඳුන්වා දුන් අර්තාපල්, යුරෝපීය ජාතිකයකු වන සැමුවෙල් බේකර් විසින් ක‍්‍රි:ව: 1850 දී ලංකාවට හඳුන්වා දෙන ලදී.
මෙම බෝගය ක‍්‍රි:ව: 1951 – 1952 කාලයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රහංගල පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේදී විශාල වගාවක් ලෙස ආරම්භ කළත්, නිසි වගා ක‍්‍රම අනුගමනය නොකිරීම හේතුවෙන් රෝග හා පළිබෝධ හානියට පත‍්‍රවිය.
නැවත වරක් ක‍්‍රි:ව: 1959 සහ 1961 දී
‘‘සම්ලාභි” අර්තාපල් පර්යේෂණ ආයතනයෙන් සහ බටහිර ජර්මනියෙන් මෙරටට පැමිණි විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ අර්තාපල් වගාව ආරම්භ කරන ලදී.
ක‍්‍රි:ව: 1970 න් පසු ශ‍්‍රි ලංකාවේ ප‍්‍රධාන අල බෝගය බවට පත්වූ අර්තාපල්, මුලින්ම කªකර ප‍්‍රදේශවලට පමණක් සීමා වී තිබුනත් දැන් කල්පිටිය, යාපනය වැනි ප‍්‍රදේශවලත් ජනප‍්‍රිය බෝගයක් බවට පත්වී ඇත.